Pages

Add

Wednesday, November 1, 2023

පිටකවරේ කතාව

 



මට එකපාරට හිතුන මේ මම ය  කියල පුද්ගලයෙක් ඇයි මේ විශ්වයේ මේ විදිහට ජීවත් වෙන්නේ කියල? තවමත් ඒකට හරියටම හරි යන උත්තරයක් මට ලැබුනේ නෑ නමුත් දැනට යම් තාක් දුරකට සාධාරණ පිලිතුරක් මට ලැබුන.මේ විශ්වය කෙලවරක් නැති එකක් කියල උපකල්පනය කලාට මේක හරිම සීමිත ඉඩක් සහිත එකක් කියල මට හිතුන. එහෙම හිතෙන්න හේතුව මේක ඇතුලේ ඔ්නම සිදුවීමක්, ඔ්නම දෙයක් වෙන්න පුළුවන් හැකියාව නිසා. ඒ කියන්නේ අලුත් ඉරක්(සූර්යයෙක්) බිහිවෙන්න, ඉන්න එකෙක් ලොකු වෙලා පුපුරලා යන්න, ග්‍රහලෝක ඇතිවෙන්න, තියෙන ඒව විනාශවෙලා යන්න,  ජීවින් හටගන්න, ඉන්න උන් මැරෙන්න, මගේ වයිෆ් වෙන මිනිහෙක් එක්ක පැනල යන්න, මගේ ගර්ල් ෆෙරෙන්ඩ් මට ගහල මාව මරල දාන්න, මේක කියවන උඹලගේ ඇස් එකපාරට අන්ධ වෙලා යන්න, වගේ මෙකී නොකී මහ ගොඩක් දේවල්.  ඉතිං එහෙම බැලුවහම මේ විශ්වය මහා ‌කුඩා තැනක් මේක ඇතුලේ තවමත්  සිදු නොවුනු දේවල් කොයිතරම් ඇත්ද? 

ඉතිං ඇයි මම වගේ එකෙක් මේ ලෝකේ මේ විදිහට ඉපැදිලා ඉන්නේ? ඒ කියන්නේ, මම මේ විශ්වයේ මොකක් හරි Part එකක් නියෝජනය කරනවා. මම වගේ එවුනුත්, උබලා වගේ කාලකන්නිත්, මේ විශ්වයට (ලෝකය ට) අවශ්‍ය එවුන්. ඒ ගැන සතුටු වෙයල්ලා. 

ඔය කිවුවේ මගේ කතාව.

උඹලා ගේ කතාව උඹලා ම කියවා ගනිල්ලා. 



Search This Blog