Pages

Add

Monday, March 21, 2016

දෙවියන්ව බලාගන්නා අංකල් ලා...





පේ මොන්ටෙසෝරි යන ලොකු ‍කොළුව අල්ලපු ගෙදර ඉන්න උගේ අතිජාත මිත්‍රයත් එක්ක බර කයිවාරුවක්, මට යාන්තමට කනිං කොනිං වගේ ඇහුන. මේ කාලේ හැදෙන පොඩිඑවුන්ගේ කල්කිරියාව ගැන අපි නොදන්නවා යැයි කියා උන් හිතාගෙන හිටියට  අපි ඒ ගැන හොදින් දන්න හන්දාත්, මොන්ටෙසෝරි යන වයසේ ඒවුන් වත් මේ කාලේ ෂුවර් නැති හන්දාත්, මම කර කර හිටිය වැඩේ ඒ විදිහටම කරන ගමන් හෙමිහිට පොඩිඑවුන්ගේ කතාවට කන් දුන්නා.

කොළුවො දෙන්නා එකතුවෙලා පොඩි සෙල්ලමක්.  මේක පන්සල් යන සෙල්ලමක්.

අල්ලපුගෙදර කොළුව    මලිලී අද අපි පන්සල් යන සෙල්ලමක් කරමුද?


අපේ කොළුව                 හා..

අල්ලපුගෙදර කොළුව    අපි පන්සලක් හදමු,   අර පුටුවෙ තමයි බුදු සාදු‍ ඉන්නේ.  අතන තමයි බෝධිය.
 ඔයා පැන් ගේන්න බෝධියට දාන්න.  මෙන්න මේව තමයි මල් (බිල්ඩින් ‍‍බ්ලොක්  කීහිපක් තැටියකට දමමින්) ඔන්න මම මල් වට්ටිය හැදුවා.

ඔන්න ඔය විදිහට කොල්ලො දෙන්නා බරටම සෙල්ලම
 මෙහෙම කරන සෙල්ලම් වලට ඉංගිරිසියෙන් කියන්නේ නං  pretend games කියල. සිංහල නමක්  නං තියෙනවද දන්නේ නෑ. 
හැබෑවටම නැති වුනත් යම් යම් දේවල් ඇත්තටම තියෙනවයි කියල හිතාගෙන බොරුවට කරන ව්‍යාජ සෙල්ලමක්.   අපි පොඩිකාලෙත් ඔය වගේ සෙල්ලම් කලා මතකයි ‍බොරුවට කඩවල් දැම්මා, ඉස්කෝල දැම්මා, බොරු වාහන එලවගෙන ගමන් යනව වගේ දේවල්.

හරි...  ආයෙත් පොඩිඑවුනගේ සෙල්ලමට යමු...

අල්ලපුගෙදර කොළුව    මල්ලී අපි දැන් පන්සල් යමු. ආ.. මෙන්න ඔයාට මල්..

 අපේ කොළුව               මම පැන් කලේකුත් ගත්තා යමු.. යමු..

ඔන්න  තෙල්, මල්, හදුන්කූරු අරගෙන දෙන්නා පන්සල් යනව, මල් පූජා කරනව, හදුන්කූරු පත්තුකරල පූජා කරනව, ගාථා කියනව, වැ‍ඩ ගොඩයි.

අපේ කොළුව                හා.....  දැන් ඔයා  මෙන්න මේව අරගෙන ඇවිත මට දෙන්න. (සෙල්ලම් බඩු කිහිපයක් අල්ලපුගෙදර කොළුවගේ අතට දුන්නා).

අල්ලපුගෙදර කොළුව     මේ මොනවද ?

අපේ කොළුව                මේ පලතුරු..,  මේව සල්ලි., දෙවියන්ට දෙන්න, අර පන්සලේ කාමරේක ඉන්නෙ.., ඔයා දන්නෙ නැද්ද?

අල්ලපුගෙදර කොළුව     දන්නව, දන්නව....   ඉන්න මම එයාට දෙන්නං

අපේ කොළුව                නෑ..  නෑ..  මට දෙන්න මම තමයි දෙවියොන්ට ඒව දෙන්නෙ.,  මම තමයි පන්සලේ දෙවියො බලාගන්න අංකල්
                                    එයා එක්ක තමයි දෙවියො යාළු...

ඕං ඕකයි කතන්දරේ දැන් දෙවියන් ව බලාගන්නත් අංකල්ලා ඉන්නව හොදේ...


Search This Blog