අහම්බෙන් මා ඉදිරියේ හිටගත්තු ඇය මොහොතකට මා අතීය වෙත රැගෙනගියා,
මට මෙහම හිතුනා..
එදා හමුවෙන්න දකින්න පෙරුම් පුරපු නමුත් වරක් දෙවරක් පමණක් හමුවෙලා හිතේ තිබුනු දේවල් කියාගන්න බැරිව ගෙලුවෙලා හිටිය, කිසිම බරක් පතලක් නැතිව ආදරයම විතරක් ආහාරය කරගෙන හිතින් ඇය එක්ක ජීවත් වුන කාලෙට ආයෙත් මොහොතකට යන්න
ඒත් කොහොමද?
මට මගේ හෙවනැල්ල වගේ ලගින්ඉන්න ආදරණීය බිරිදක් සහ දරුවන් ඉන්නවා.
අපි හාත්පස අනියම් සම්භන්ධතා, අනාචාරයේ හැසිරීම් දකින්න, බලන්න ආසාකරන කුහක මිනිස්සු පිරිලා,
මොහතකට නැවතිලා අත් අල්ලාගෙන අතිතය ගැන කතාකරන්න,
අපි වෙන්වුනු දා පටන් සිද්දවෙච්ච දේවල් බෙදාහදාගන්න
හැගුම් වලට ඉඩදීල මොහොතක් නිහඬව ඉන්න.