Pages

Add

Monday, January 18, 2016

පීනස් අමාරුව

උදේට හැදෙන
පීනස් අමාරුව





ත්ව පරිණාමයේ ඉතා විශේෂ සංසිද්ධියක් ලෙස සැලකෙන නිර්මාණශීලීත්වය තමයි මිනිසා අනෙක් සත්වයින් අභිබවා අද වනවිට අත්පත් කරගෙන ඇති දියුනුව කරා ගෙනගියේ කිවුවොත් එය වඩාත් නිවැරදියි.
මේ කථාව අපේ උදවියගේ නිර්මාණශීලීත්වය ගැන මට ප්‍රායෝගිකව අත්විදින්නට ලැබුනු රසවත් අත්දැකීමක් පිලිබඳවයි.

මේකට පාදක වන්නේ අතිශයින් සාමකාමී (ශ්‍රියා නැමති කාන්තාව) අරක්ගත් අපේ නිවස. මෙහි කථා නායිකාව මගේ ප්‍රිය බිරිද වන අතර උප කතානායක ලෙස මම ම යොදාගැනීම ඇගට ගුණයි කියල මම ම හිතාගත්ත. (නොඑසේ නම් නිවසේ එකට වාසය කිරීම උගහට වන බැවිනි)
අපේ ගෙදර එදිනෙදා භාවිතය සදහා කුණු කූඩා දෙකක් ඇත ඉන් එකක් ප්ලාස්ටික්, පොලිතීන් ආදි ඉක්මනින් නොදිරන ද්‍රව්‍ය සදහාත් අනෙක කුස්සියේ ඉවතලන ළූණු පොතු, මිරිස් නැටි, බිත්තරකටු, තේ මන්ඩි, කරවල කටු වැනි ඉක්මනින් දිරන දෑ දමන්නටය. මෙලෙස කුණු කූඩා දෙකක් භාවිතා කිරීමට හේතුව කසල ප්‍රතිචක්‍රීයකරණය මගින් සුන්දර ලෝකයක් ගොඩනැගීමේ අරමුනින් මාගේ චින්තනයේ ක්‍රියාවට නැංවුනු එක් වැඩපිලිවෙලක් නිසාය.

කෙසේ නමුත් මේ කුණු කූඩා තුලට බහාලන සොපිං බෑග් තුලට කුණු දමා ඒවා පිරුණු විට, ඒවායේ කට ගැට ගසා, විටින් විට නගරසභාවේ කුණු එකතුකරන්නන්  වෙත ලබදෙන අතර ඔවුන් ඒ කුණු මනා ලෙස ප්‍රතිචක්‍රීය කරනුවස් නගරයෙන් එහා ඇල, දොළ, ගංඟා, පුරන් වු කුඹුරු ආදියෙහි ගොඩගසති. ඒවායින් අපට වැඩක් නැත. ඕවායින් වෙන්නේ කියන්නට යන රසවත් කථාව තවත් දිග්ගැසීමය.
 

මෙසේ කාලය ගතවුනි....



 අහෝ ඛේදයකි...! කිසිදා නොවූ විරූ පරිදි, දැනට ටික කලක සිට අපේ ගෙඳර තිබු සාමකාමි බව නැමති වෘක්ශය මියැදෙන්නට පටන්ගත් අතර, දැන් අර (ශ්‍රියා නැමති කාන්තාව) තියා ඇගේ නැන්දම්මාවත්, ගෙදර තියා ගේ ඉස්සරහ පාරෙන් වත් යන පාටක් නැත
මේ සියල්ලට හේතුව ටික කලක සිටන් රාත්ත්‍රිරියේ මා නැති අල්ල පනල්ලේ අපේ ගේ වටා කැරකෙන කාගේදැයි නොදන්නා(අවජාතක) හොර පූසන් කිහිපදෙනෙක් හා බලු නාම්බන් කිහිපදෙනාය. මොවුන්ගේ වනචර ක්‍රියා නිසා මාගේ ප්රිය බිරින්දෑ කොතරම් අපහසු තාවයට පත්වනනේද කියතොත් දිනපතා ගේ අවට රාත්ත්‍රිරියේ සැරිසරමින් රංචුගැසී, කුස්සියේ පිලිකන්නේ තබා ඇති කුණු කූඩා දෙක පෙරලා එහි ඇති කුණු මළු උන්ගේ තියුණු නිය පහරවල් වලින් සහ දිගටි හොම්බේ ඇති උල් දත් වලින් සුනු විසුණු කර දමන්නේ, නෑඹුල් මලක් වීෂ බඹරුන් විසින් රොන් ගෙන තලා පෙලා පොඩිකර දමන්නාක් මෙනි. එයින් ද නොනැවතී මේ අවලමුන් ගෙමිදුල පුරාද මල පහ කොට අපට අවනබ්බු කරති.

හිමිදිරියේ පිනිවැදී පීදුනු මලක් සේ අවදි වන මා ප්‍රිය බිරින්දෑ මේ සියල්ල දැක උන්ද, උන්ගේ මෑනි වරුන්ද, මමද, මගේ මෑනියන්ද නිති සිහපත් කර පැසසුම් ලමින් නැවත කුණු අස්-පස් කරන්නීය.
දැන් සෑහෙන කලක සිට මේ ගැටළුවට කිසිදු නිර්මාණශීලී විසඳුමක් සැපයීමට මට නොහැකි වු හෙයින් ඇය ඊට කදිම විසඳුමක් සොයා ගෙන තිබේ. ඒ, කුණු කූඩා පෙරළන බල්ලන් බළලුන් දුටු තැන අවම බලය යොදා කොන්ද කැඩෙන්නට කොසු පොලු පහර දීමයි.

මෙලෙස මාස කිහිපයක් ගතවු නමුදු, කොතෙක් බෙහෙත් කලද පාන්දරට කිවිසුම් යන මගේත්, මගේ මෑනියන්ගේත්, පීනස් අමාරුව නම් තවම හොඳවී නැත....... ෴






Search This Blog