Pages

Add

Sunday, October 23, 2016

අපි ඇවිද යමු...


ඔයාට හිතෙන්නේ නැද්ද අපිටම කියල වාහනයක් ගන්න?
අඩුමතරමේ මෝටර්සයිකලයක් වත්?


මොකටද?

දරුවන්ටයි, මටයි හරිම වෙහෙසයි..! ඇයි ඔයාට එහෙම හිතෙන්නේ නැත්තෙ?

වෙහෙස නොදැනෙනවා නොවෙයි, ඇයි අපි සැහැල්ලුවෙන් ඇවිද යනවා වෙනුවට, ණය වෙලා වාහන වල යන්නේ?

මම දන්න කියන හැම කෙනාම සැපෙන් පහසුවෙන් වාහනවල හරිම සතුටින් ගමන් යනවා. වාහනයක් තියෙනඒක දරුවන්ටත් අපිටත් පහසුවක්.


හැම කෙනාම තමන්ටම කියල වාහන අරගෙන වෙලා තියෙන නස්පැත්තිය ඔයාට පේන්නේ නැද්ද? අනික පයින් ඇවිදල පුරුදු අපහසුතාවන් විදල පුරුද්දක් තියෙන ළමයෙකුට වාහනයක සැපෙන් පහසුවෙන් යන්න වුනොත් සහ, සැපට හැදුනු ළමයෙකුට ඒ සැපපහසුකම් අහිමිවුනොත් ඇතිවන තත්වය ගැන ඔයාට දැනෙන්නේ නැද්ද?

එහෙම වෙන්නේ නෑ. ඇයි ඔයා මගේ අදහසට ඔයතරම් අකමැති?

අකමැත්තකට වඩා මම දකින්නේ වාහනයක් ගත්තහම අපිට ලැබෙන හොද සහ නරක දෙක ගැන, ලැබෙන ආදායමන් තුන්වේල පිරිමසාගන්නා අපි වියදමක් නැතිව ඇවිදගෙන යන ගමන ඇයි සල්ලි වියදම් කරල වාහනයකින් යන්නේ? ඊට අමතරව වාහන නඩත්තු කරන්නත් අමතර වියදමක් යනවනේ.
අනික, අපි වානයකින් වේගෙන් යනකොට අපිට මඟහැරෙන කොතරම් දේවල් තියෙනවද?
එහෙම බැලුවෙත් නරක දේ වැඩියි වගේ.

ඒ මොනවද?

අපි හැමෝම වාහනවල ගියොත් අපේ හිතමිතුරන් අසල්වාසීන්, අපට මුනගැහෙන්නේ නෑ. අපි වේගයෙන් ඔවුන් සහ අපේ ගහකොල පරිසරය පසුකරගෙන යනව. අපේ ළමයි මේ මහපොළොවේ දූහුවිලි, වැලිකැට, පස් නොපාගපු, සුලං නොවැදුනු, අවුව-වැස්ස නොදැනුනු කෘතිම මිනිස්සු වෙයි.

හ්ම්ම්..... (සුසුමක්).
එහෙනම... අපි, අපිව රවටන මේ දේවල් නොදැක්ක වගේ පයින් යමු.


ඔවු අපි හැකිතරම් දුර එකට, පයින්ම යමු.!!


Search This Blog